කාර්යභාරය හා සේවාවන්


ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කාර්යභාරය හා ගොවිජනතාවට සැලසෙන සේවාවන්


ගොවිජන සංවර්ධන දෙපාර්ථමේන්තුවේ කාර්යයන් ප්‍රාදේශීයව ක්‍රියාත්මක කරනු ලබන්නේ ගොවිජන සේවා මධ්‍යස්ථානයෙනි. මෙම ගොවිජන සේවා මධ්‍යස්ථාන ආරම්භ කරන ලද්දේ 1972 අංක 02 දරණ කෘෂිකාර්මික ඵලදා වර්ධන පනත ක්‍රියාත්මක විමත් සමගය.දිවයින පුරා එකම සැලැස්මකට කෘෂි සේවා මධ්‍යස්ථාන ලෙස ආර්ම්භ වූ මෙම මධ්‍යස්ථාන 547 දැනට ලංකාව පුරාම ක්‍රියාත්මක වේ. රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ගමට ගෙන යන ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වන එකම රාජ්‍ය ආයතනය වන්නේ ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් පිහිටුවන ලද ගොවිජන සේවා කාරක සභාව මගිනි. එම කාරක සභාවේ සාමාජිකයින් 15 ක් සිටින අතර,ඉන් 10 ක් ගොවින් වන අතර , 05 ක් අදාල බල ප්‍රෙද්ශයට අයත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රජ්‍ය නිළධාරීන්ය. මෙම කාරක සභාව ක්‍රියාත්ම කිරීම සඳහා අරමුදලක් පිහිටුවා ඇති අතර විවිධ සේවා ගාස්තු සහ කෘෂිකාර්මික ඉඩම් වලින් අයකරනු ලබන අක්කර බදු ආදායමින් මෙම අරමුල සැකසේ. මෙම අරමුදලින් ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සියළු නඩත්තු කටයුතු සහ ගොවිජනතාවගේ අව්‍යතා සඳහා මුදල් යොදවනු ලැබේ.                             

ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් සැලසෙන සේවාවන්
v  සංවර්ධන කටයුතු        
සුලු වාරි මාර්ග ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණ කටයුතු,වෙනත් යටිල පහසුකම් සැපයීම.
v  ආයතනික කටයුතු
ගොවි සංවිධාන ශක්තිමත් කිරීම,ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති ගොවිජන බැංකු මගින් ගොවීන් වෙත ද්‍රව්‍ය සහ මූල්‍යමය වශයෙන් වගා ණය,ව්‍යපෘති ණය,යන්ත්‍රොපකරණ ණය සහන පොළියට ලබාදීම.
v  අලෙවි සේවාවන්
කෘෂි යෙදවුම් ලබාදීම, කෘෂි යන්ත්‍රොපකරණ ලබාදිම, පොහොර ලබාදීම.
v  උපදේශන සේවා
ගොවීන් පුහුණු කරවීම, ගොවි සංවිධන දැණුවත් කිරීම, කෘෂිකර්ම නිලධාරීන්ගේ සහයෙන් නව දැණුම හා තාක්ෂණික දැණුම ලබාදිම, වහාවන්ට වැළඳෙන රොග සඳහා උපදෙස් ලබාදීම.
v  නීතිමය කටයුතු           
ගොවිජන සේවා පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම.
v  මූල්‍යමය සේවාවන්
ගොවි බැංකුව තුළින් කෘෂිකාර්මික හා ව්‍යපෘති ණය ලබාදිම, ඉත සහනදායී පොළියට එම ණය ලබාදීය.
v  සුභ සාධන කටයුතු
ගොවි මහතුන්ගේ දක්ෂතා ඇගයීම, දුප්පත් ගොවි මහතුන්ගේ දරුවන් සඳහා පහසුකම් සැලසීම, මියගිය ණය ගැතියන්ට සහන සැලසීම, ආපදා තත්වයන් වලදී සහණ සැලසීම(ගංවතුර,නාය යෑම් වැනි)
v  උත්සව සහ සංස්කෘතික කටයුතු
ිවිධ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සාම්ප්‍රදායික කෘෂිකාර්මික උත්සව පැවැත්වීම(වප් මඟුල්, අලුත් සහල් මංගල්‍යය, අඩුක්කු මංගල්‍යය වැනි)
M.D.L.R ගුණතිලක මිය                                    (ජ්‍යෙෂ්ඨ ගොවිජන සංවර්ධන නිළධාරී)