සුභාෂිංශන



ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්තුමියගේ සුභාෂිංශනය

මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය වන අයුරින් ගොවිජන සංවර්ධන ක්ෂේත්‍රය ආවරණය වන ලෙස "ගොවිජන" නමින් ත්‍රෛයි මාසික සඟරාවක් එලි දැක්වීමට කටයුතු කිරීම ජාකිය අවශ්‍යතාවක් සපුරාලීමක් සේ හදුන්වා දිය හැකි අතර එකී ප්‍රශස්ත මෙහෙවර උදෙසා මාගේ උණුසුම් සුභපැතුම් පිරිනමන්නේ හඳ පිරි සතුටිනි.  
 මධ්‍යම කඳුකරය ආශ්‍රිතව ජීවත්වන ගොවිජනතාව කෘෂිකාර්මික දැනුමින් සන්නද්ධ කිරීම වෙනුවෙන් නව ආරක සන්නිවේදන මාධ්‍යක් මගින් ඔවුන්ගේ සමාජ හා ආර්ථික තත්වයන් උපරිම වර්ධනයක් ඇතිකරලීමට යොමුවීමත්,ග්‍රාමීය වාරිමාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය,කෘෂීයෙදවුම් හා මූල්‍ය පහසුකම් සැකසීම හා කෘෂි නිෂ්පාදන අලෙවි ක්‍රමෝපායන් පිළිබඳ දැනුවත් කිරීම,ගොවි සංවිධාන මගින් ඔවුන්ගේ ශක්තිය ගොඩ නැගීම ආදී ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය මධ්‍යස්ථාන මගින් සිදුකරන ඵලදායී කාර්යයන් පිළිබඳ නව මානයකින් බලමින් ඒසඳහ කැපවූවන් දිරිමත් කරලීමත් එසේම එම තොරතුරු නව සන්නිවේදම මාධ්‍යයක් මගින් හෙලි කිරීමට යොමුවීමත් අගය කළ යුත්තකි.                  
  මැදමහනුවර ගොවිජන සංවර්ධන නිළධාරී තුමන් ඇතුලු කාර්ය මන්ඩලයටත්,එම මාධ්‍ය සංසදයටත් මෙම කාර්යය අඛන්ඩව සිදුකරලීමට ශක්තිය ධෛර්යය පතන අතරම මෙම මාධ්‍ය සංසදය මගින් ප්‍රදේශයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය පිළිබඳ නව තාක්ෂිණික දැනුම හා තාක්ෂණය මෙරට ගොවිජන තාවටත්,ජාතියේ ආනාගත වගකීම අතදැරීමට සිටින පාසල් දූදරැවන්දැනුමින් සන්නද්ධ කිරීම උදෙසා එළිදක්වා ඇති ගොවිජන සඟරාවට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.                               

ඩබ්.එම්.ටී.ඩී. විරකෝන් මිය
ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්



මැදමහනුවර ගොවිජන සංවර්ධන නිළධාරීතුමාන්ගේ සුභාෂිංශනය 



                   මැදමහනුවර ගොවිජන මාධ්‍ය සංසදය මගින් ගොවිජ  කෂේත්‍රය නියොජනය වන අයුරින් "ගොවිජන" නමින් ත්‍රෛයි මාසික සඟරාවක් එලි දැක්වීමට කටයුතු කිරීම අගය කළ යුත්තකි. එකී මෙහෙවර උදෙසා මාගේ සුබ පැතුම් පිරිනමමි.                                         ගොවිජන සංවර්ධන දෙපාර්ථමෙන්තු කාර්ය භාරය ප්‍රාදේශීමය මම්ටමි ක්‍රියාක්මක කරන ආයතනය වන්නේ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථනය වේ.මෙම මධ්‍යස් ථානය මගින් සිදු කරණ සංවර්ධන කාර්යයන් පිළිබඳ නව මානයකින් බලමින් කෘෂිකාර්මාන්තය පිලිබඳ නව මතවාදයක් නිර්මාණය කිරීමට මෙම සඟරා මාධ්‍ය භාවිතයට ගැනීම මගින් නව ජන මතයක් සමාජ ගතකරලීමට ගන්නාවූ මෙම වෙහෙස අගය කළ යුතුය. 
මෙම කාර්යය අඛන්ඩව සිදුකිරිමටත් මෙකී මාධ්‍ය භාවිතයෙන් පොදු ජනතාවට යම් පණිවුඩයක් ලබාදීමට මැදමහනුවර මාධ්‍ය සංසදය එළිදක්වන "ගොවිජන" සඟරාවට හැකි වේවායි ප්‍රර්ථනා කරමි.




වී. ඩබ්. කුරුප්පුආරච්චි මයා
මැදමහනුවර ගොවිජන සංවර්ධන නිළධාරි