සංස්කාරක සටහන




සන්නිවේදනය සමාජ ප්‍රගමනය උදෙසා භාවිතා කළ හැක්කකි. ඒම නිසා එය ඒ ඒ සමාජයේ අවස්ථාවන්ට උචිත පරිදි ගොඩනැගිය යුතුවේ. සන්නිවේදන ක්‍රමවේදයන් සැමට පොදු වූවක් වුව ද බහුතර පිරිස එහි දිග පළල නොදන්නේය. සමාජ ප්‍රගමනයට උචිත පරිදි එම ප්‍රවනතාවන් ආයතනික,සාමාජීය හා සංස්කෘතියට බද්ධවන පරිදි සමාජ ගත කළ යුතුවේ.                                                                                                                සන්නිවේදනය මාධ්‍ය අධ්‍යයයනය තුළ සංවර්ධන සන්නිවේදනය, නිර්මාණාත්මක සන්නිවේදනය, අන්තර් සංස්කෘතික සන්නිවේදනය, පරිසර සන්නිවේදනය,ආගමික සන්නිවේදනය, ආපදා සන්නිවේදනය ආදී විවිධ කේෂ්ත්‍රයන් වෙත බෙදිය හැක.මේ පදනම තුළ ආයතනික සංවර්ධනයට මෙකී සන්නිවේදන මාධ්‍යයන් භාවිතයට ගත යුතු වේ.                                                                         ශ්‍රී ලංකාවේ අමාත්‍යාංශ බොහෝමයක්  සන්නිවේදන මාධ්‍යයන් තම ප්‍රචාරක අවිය කරගෙන තිබේ. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුබද්ධිතව දිස්ත්‍රික් මට්ටමින් ගොවිජන සංවර්ධන දිස්ත්‍රික් කාර්යාල 25 ක් හා ගොවිජන සේවා මධ්‍යස්ථාන 547 ක් මගින් දිවයින පුරා ව්‍යාප්තව  ක්‍රියාත්මක  වේ. මහනුවර දිස්ත්‍රික් කාර්යාලය යටතේ ප්‍රදේශීය ගොවිජන සංවර්ධන ‍ මධ්‍යස්ථා 45 පිහිටුවා තිබේ. ගොවිජන සංවර්ධන පනතෙහි විධිවිධාන ක්‍රියාත්මක කිරීම,ග්‍රාමිය වාරිමාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය,කෘෂි යෙදවුම් සහ මූල්‍ය පහසුකම් සැකසිම,කෘෂි නිෂ්පාදන අලෙවි ක්‍රමෝපායන්ට සහය වීම,දෙපාර්තමේන්තුව ඉටුකරන සංවර්ධන හා සේවා කයුතුවේ.මෙම දිස්ත්‍රික් කාර්යාල හා මධ්‍යස්ථාන මගින් ප්‍රාදේශීය වශයෙන්  සිදුකරන සංවර්ධන ව්‍යාපෘතීන් පිලිබඳ ජන මාධ්‍යය මගින් ලබාදෙන ප්‍රචාරණය සීමා සහිතය. එම නිසා ඒ පිළිබඳ ජනතා ආකල්පය හා ප්‍රතිචාරය අන් රාජ්‍ය ආයතන හා සන්සන්දනය කර බලන විට බෝහෝ දුරස්ථ වීගොස් ඇත.                                                                                                   වත්මන් රජයේ ප්‍රධානම සංවර්ධන උපාය මාර්ගය සකස් වී ඇත්තේ  ගම කේන්ද්‍ර කොට ගෙනය. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ යුත්තේ ගැමියාගේ මූලීක ජීවනෝපාය වන කෘෂිකර්මය නගා සිටුවීමෙනි. කෘෂි කර්මාන්තයට අත හිත දීමෙන් ප්‍රදේශයේ මෙන්ම රටේත් ආහාර සුරක්ෂිතාව ඇති වෙයි. ඒ සමඟ ම සාම්ප්‍රධායික සෞඛ්‍යසම්පන්න ජීවන රටාවක් නිර්මාණය වෙයි. එසේම ග්‍රාමිය ජනතාවට හොඳ ආදායමක් ලබාගන්නටද කෘෂිකර්ම සංවර්ධනයෙන් ලැබෙන්නේ මනා පිටුබලයකි. මෙම නිසා ගොවිජන සංවර්ධය ආයතන මැදිහත් වීමෙන් සිදු කරන සංවර්ධන කාර්යයන් පීළිබඳ නව මානයකින් බලමින් ඒ සඳහා කැපවූවන් දිරිමත් කරලීමත් අපගේ ශක්තිය පිළිබඳ පිණිවිඩය සමාජ ගත කරලීමට අප ගොවිජන මාධ්‍ය සංසදය සුළුවෙන් හෝ අත්වැලක් සැපයීම පිනිස                                                                                                                                      මෙම ගොවිජන සඟරාව එළිදක්වමු.